රුපියල පීඩනයට හසු වී නැහැ, අන්තර්ජාල බදු වැඩි කළේ සමාගම්වල ඉල්ලීමට – මුදල් ඇමති කියයි VIDEO

    November, 24, 2016

    වර්තමානයේ දී රුපියල පීඩනයට හසුව නැති බවත් අද වන විට වෙළෙඳපොළ, මූලධර්ම මත ක්‍රියාත්මක නොවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අද (24) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් කියා සිටියේ සිදුවීම් පාදක කරගනිමින් වෙළෙඳපොළ ක්‍රියාත්මක වනවා විනා, සැබෑ මූලධර්ම මත එය දිව නොයන බවයි. කෙසේ වෙතත් රජයේ ශක්තිමත් ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හරහා රුපියලේ සැබෑ ස්වරූපය දැකගත හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    මේ අතර අන්තර්ජාල බදු වැඩි කිරීමේ අරමුණ, ආදායම් ලබා ගැනීම නොවන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. “ටෙලිකොම් ආයතන අපි සමඟ කතා කරන අවස්ථාවේ දී කිව්වා, හුඟක් වොයිස්වලින් ඩේටාවලට මාරුවෙනවා කියලා. වයිබර්, වට්ස්අප් ඒවා තුළින්. ඒකට යනකොට ආදායම සීඝ්‍රයෙන් අඩුවෙනවා කියලා. ඒ වෙනස සම මට්ටමක කරන්න කියලා, වෙනින් රටවල තියෙන එකම තමයි මෙහෙ කරන්න කියලා කිව්වේ. ඒකයි අපි කළේ.“

    මේ හරහා ආණ්ඩුවට මෙන්ම සමාගම්වලට ද ආදයමක් ලැබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ දී දැක් වූ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=kbhxPkGzAKA