May, 11, 2018
පසුගිය කාලයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම වළක්වා ගැනීම සඳහා ඩොලර් මිලියන 136.65 ක් වෙළෙඳපොළට නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අද (11) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.
එසේම මෙම කාලපරිච්ඡේදයේ දී ඩොලර් මිලියන 30 ක් වෙළෙඳපොළෙන් මහ බැංකුව මිල දී ගතු බවත් මේ අනුව රුපියල ආරක්ෂා කිරීම සඳහා ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 100 ක් මහ බැංකුව වියදම් කර ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Video Story