March, 30, 2016
පසුගිය රජය විසින් බැඳුම්කර උකස් තියා මාක් මෝබියස් මහතාගෙන් ණය ගැනීම නිසා රුපියල කඩා වැටුණු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක දී පැවසීය. එලස ගත් ණය මේ වන විට කල්පිරී ඇති හෙයින් ඒවා යළි ගෙවීමට සිදුවීම මීට හේතුව ලෙස අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් පහත දැක්වේ.
https://www.youtube.com/watch?v=rbskhtVJQF0
ආචාර්ය මාක් මෝබියස්, ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන අතර Templeton Emerging Markets Group හි විධායක සභාපතිවරයා වන්නේ ඒ මහතායි.
පසුගිය වසරේ අගභාගයේ දී මාක් මෝබියස් මහතා මෙරට සංචාරයක නිරත වූ අතර පහත දැක්වෙන්නේ එම සංචාරය අතරතුර දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවයි.
Video Story