March, 29, 2016
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය මේ වන විට සීග්‍ර පරිහානියක් වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයක ගැණුම් මිල අද දිනයේ දී රු. 145.56 ක්වූ අතර විකුණුම් මිල රු. 149.54 ක් වශයෙන් වාර්තා විය.
පසුගිය සතියේ මාර්තු 24 වන දින වන විට ඩොලරයක් ගැණුම් මිල රු. 143.91 ක් ලෙසත් විකුණුම් මිල රු. 147.87 ක් ලෙසින් සටහන් විය. මේ අනුව වෙළෙඳපොළ දින දෙකක් තුළ දී 1.1% කින් ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.
මෙය ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම රුපියල් අනුපාතයයි.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනයි.
Video Story