September, 24, 2025
මෙරට ලැයිස්තුගත වානිජ බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු මෙහෙයුම් රුපියල් බිලියන 18 කට අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට අත්සන් කරන බව නිවේදනය කර සිටී.
ඊයේ (23) දිනයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර ඊට අදාළ ගිවිසුම සඳහා අද දිනයේ දී එළඹ තිබේ.
මෙම ගිවිසුම 2026 පළමු භාගයේ දී අවසන් කිරීමට නියමිත බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමට අනුව HSBC ශ්‍රී ලංකාහි ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ගේ බැංකු කටයුතු, ක්‍රෙඩිට් කාඩ්, ගනුදෙනුකරුවන් 200,000කට ආසන්න පිරිසකගේ පුද්ගලික ණය සහ ගිණුම් ආවරණය වනු ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම අනාවරණය සිදුකර තිබේ.
Video Story