September, 15, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ප්රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පිඑල්සී විසින් කොළඹ බම්බලපිටියේ දුම්රියපල පාරේ, අංක 25/3 දරන ස්ථානයේ පිහිටි භූමිභාගයෙහි හිමිකාරීත්වය අත්පත් කර ගනු ලැබූ බව නිවේදනය කර සිටී.
අක්කරයක් ඉක්ම වූ මෙම ඉඩම, පසුගිය සැප්තැම්බර් 12 වන දින සම්පත් බැංකුව විසින් පවත්වන ලද ප්රසිද්ධ වෙන්දේසියක දී ප්රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් විසින් අත්පත් කර ගෙන ඇත්තේ රු. බිලියන 3.5ක මුදලකටය.
සමාගම විසින් එදින මේ සඳහා මුළු විකුණුම් මිලෙන් 10%ක ප්රමාණයක්, එනම් රු. මිලියන 350 ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇති අතර ඉතිරිය දින 30ක් තුළ පියවීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story