රු. 5,000ක් දක්වා Lanka QR ගෙවීම් සඳහා වෙළෙඳුන්ගෙන් ගාස්තු අය කිරීම අද සිට ඉවතට

    April, 6, 2026

    රුපියල් 5,000 දක්වා වූ සියලුම Lanka QR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව අද (06) සිට ඉවත් කෙරේ.
    ශ්රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි.
    ඒ අනුව අද (06) සිට ක්රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්ය ආයතන කටයුතු කර ඇත.
    මෙහි අරමුණ වන්නේ කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබා දීමයි.