රේගුවට Oracle Exadata පද්ධතිය සැපයීමේ කොන්ත්‍රාත්තුව රු. බිලියන 2කට Millennium ITESP වෙත

    March, 10, 2026

    ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata X11M පද්ධතිය හා ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර සැපයීම සඳහා යෝග්‍ය ආයතනයක් තෝරා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අගෝස්තු 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ.

    එකී ලංසු අතරින් තාක්ෂණික වශයෙන් සුදුසුකම් ලත් එකම ලංසුකරුගේ මූල්‍යමය ලංසුව ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මද පදනම්ව, එම ප්‍රසම්පාදනය වසර 08ක කාලයක් සඳහා Millennium ITESP (Pvt) Ltd වෙත රු. මිලියන 2,197.96ක (බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.