රේගුව විනිමය අනුපාතික සංශෝධනය කරයි

    November, 23, 2016

    රේගු ආඥා පනතේ 17 වැනි වගන්තිය අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, 2016 නොවැම්බර් 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, රේගු ආඥාපනත යටතේ සිදුකරනු ලබන අයකිරීම් වෙනුවෙන් ගෙවිය යුතු විනිමය ප්‍රමාණයන් සංශෝධනය කර තිබේ.

    මේ අනුව තීරු බදු මෙන්ම, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම් යනාදිය සඳහා කළ යුතු ගෙවීම් පහත දැක්වෙන විනිමය අනුපාතිකයන්ට අනුව සිදුකළ යුතු බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා 2016 නොවැම්බර් 21 වන දින අංක 1994/1 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් දැනුම් දී සිටී.

    මෙම විනිමය අනුපාතික 2016 නොවැම්බර් 21 දින සිට 2016 නොවැම්බර් 27 දින දක්වා වලංගු වේ.