August, 11, 2017
කන්කසන්තුරේ හි ස්ථාපිත කරන ලද නව රේගු උප නිවාරණ කාර්යාලය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) විවෘත කෙරුණි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ සාධාරණ රේගු නිශ්කාෂණ පද්ධතියක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි. ඒ සඳහා නව රේගු පනතක් හැකිතාක් ඉක්මනින් ගෙන ඒමට කටයුතු යොදන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. දැනට තිබෙන පනත 1911 ගෙන ආ එකක් බැවින් එය අවුරුදු 100 ක් පැරණි එකක් බවත් වර්තමානයට ගැළපෙන්නේ නැති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
Video Story