රේණුකාගේ කොටසක් ෆීජි හා හොංකොං දේශයට

    December, 9, 2015

    රේණුකා ෆුඩ්ස් පීඑල්සී, පුද්ගලික නිකුතුවක් හා කොටස් හුවමාරුවක් හරහා ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 28,188,306 ක් එකක් රු. 30.45 බැගින් නිකුත් කිරීමට තීරණය කර තිබේ. සමාගම විසින් මෙම කොටස් නිකුතුව හා හුවමාරුව සිදුකරන්නේ ෆීජී හි සී.ජේ. පටෙල් ඇන්ඩ් කම්පැනි වෙත හා හොංකොං හි ඊගල් වීව් මැනේජ්මන්ට් ලිමිටඩ් වෙතයි.

    නිකුතුව සඳහා අවශ්‍ය කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභ අනුමැතිය මේ වන විට ලැබී තිබේ.

    මේ අතර 2016 ජනවාරි 6 වන දින අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇති අතර එහිදී මෙම නිකුතුව සඳහා අවශ්‍ය කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබේ.