December, 15, 2015
රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ “රේණුකා ටවර්“ ගාලුමුවදොර දේපළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම මේ දක්වා ප්‍රමාද වී තිබෙන්නේ ආයෝජන මණ්ඩලයෙන් ලැබිය යුතු බදු සහන නොලැබීම නිසා බව වාර්තා වේ.
ආයෝජන මණ්ඩලයේ අංක 17 දරණ විධිවිධාන අනුව අදාළ කාලපරිච්ඡේදය සඳහා ලැබිය යුතු බදු සහන මෙම ව්‍යාපෘතියට හිමිනොවීම නිසා මේ වන විට එහි කටයුතු ඇණ හිට තිබේ.
ආයෝජන මණ්ඩල නව නියමයන්ට අනුව නැවත හඳුන්වා දෙනු ලැබූ බදු සහන ප්‍රකාරව පසුගිය අගෝස්තු මාසය වන විට ගිවිසුම් අවසන් කිරීමට සමාගම පියවර ගෙන තිබේ. මෙහිදී හිමිවන බදු සහන අතර ව්‍යාපෘතියේ වානිජ මෙහෙයුම් ආරම්භ කළ දින සිට වසර 8 ක බදුවිරාම කාලයක් සමාගමට හිමිවනු ඇත.
මීට අමතරව ව්‍යාපෘතියේ මුල් අදියරේ කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී කසළ කාණුවක් හමුවීම නිසා එය ප්‍රති ස්ථානගත කිරීමට ද සමාගම විසින් කටයුතු කර තිබෙන අතර පසුගිය නොවැම්බර් මාසය වන විට එය සම්පූර්ණ කර තිබේ.
ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් පසුගිය 2014 වසරේ අගභාගයේ දී රුපියල් බිලියන 1.03 ක හිමිකම් නිකුතුවක් සිදුකළ අතර ඒ සඳහා අධිඉල්ලුමක් ඇති ව තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා තක්සේරු කරන ලද සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන 3.2 කි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය 2016 වසරේ අග භාගයේ දී දියත් කිරීමට සමාගම මේ වන විට අදහස් කර තිබේ. එහෙත් ආරම්භයේ දී සමාගම සැලසුම් කර තිබුණේ 2018 වසරේ දී අවසන් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමටය.
Video Story