රොටානා ජෙට් මත්තලට එන දිනය තීන්දුයි

    April, 7, 2014

    අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළට පියාසර කරනු ඇතැයි අපි මෙයට පෙර අනාවරණය කළ අතර එම ගුවන් ගමන් අප්‍රේල් 09 වනදා සිට ආරම්භ කිරීමට සූදානම් වේ.

    මේ අනුව, සතියකට ගුවන් ගමන් වාර තුනක් මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් වලට රොටානා ජෙට් විසින් ක්‍රියාත්මක කරනු ඇත.

    මෙහිදී, එයාර්බස් 319 ගුවන් යානයක් භාවිතා කරන අතර Al Bateen ගුවන් තොටුපොළේ සිට බදාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

    මෙම ගුවන් ගමන් ප්‍රමාණය සතියකට හයක් දක්වා පසුව වැඩි කිරීමට අදහස් කර ඇත.