March, 24, 2016
2016 ධාවන තරඟ සමය ජයග්‍රාහී ලෙස ආරම්භ කරමින් සියැට් ධාවක කණ්ඩායම කටුකුරුන්ද රොතර්හැම් සර්කිට් මීට් තරඟයේදී හොඳම ධාවකයා සහ මෝටර් රථ කණ්ඩායම් ශූරතාවය ඇතුළු ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.
මේ අනුව, මෙම තරඟයේදී සියැට් ධාවක කණ්ඩායම ජයග්‍රාහී ස්ථාන 10 ක් ලබාගැනීමට සමත්වූ අතර SLGT සුපර් කාර්ස් තරඟ දෙකේදීම ජයග්‍රාහකයා වීමට සමත්වූ උෂාන් පෙරේරා මෙම තරඟයේ හොඳම ධාවකයා ලෙසින් සම්මානයට පාත්රවීම කැපී පෙනේ. සියැට් ධාවක කණ්ඩායම දිනාගත් පළමු ස්ථාන තුනෙන් දෙකක්ම උෂාන් පෙරේරා විසින් දිනා ගන්නා ලදී. සියැට් ධාවක කණ්ඩායමේ පසිඳු පෙරේරා SLH ස්ටෑන්ඩර්ඩ් කාර්ස් 1618 CC දක්වා තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර එය සියැට් ධාවක කණ්ඩායම විසින් මෙම තරඟයේදී දිනාගත් තෙවන ප්‍රථම ස්ථානයයි.
මේ අතර, උෂාන් පෙරේරා සහ මලීක කුරුවිටආරච්චි මෙම තරඟයේදී සියැට් වෙනුවෙන් මෝටර් රථ කණ්ඩායම් ශ=රතාවය දිනාගත්තේ පිට පිටම තුන්වන වසර සඳහාත් කණ්ඩායමක් ලෙස සියැට් සතු ශක්තිය යළි යළිත් පෙන්නුම් කරමිනි.
“සියැට් ධාවක කණ්ඩායම සඳහා මෙය ජව සම්පන්න ආරම්භයක්“, යනුවෙන් මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සියැට් ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති - විකුණුම් සහ අලෙවිකරණ රවී ඩඩ්ලානි මහතා සඳහන් කළේය. “මෙම තරඟ සමයේදී අපි ඉදිරියේදී මෙයටත් වඩා ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වෙනවා“.
සියැට් ධාවක කණ්ඩායම විසින් රොතර්හැම් සර්කිට් මීට් තරඟයේදී ලබාගත් ජයග්‍රාහී ස්ථාන 10 අතරට පළමු ස්ථාන තුනක්, දෙවන ස්ථාන තුනක්, එක් තුන්වන ස්ථානයක්, හතරවන ස්ථාන දෙකක් සහ පස්වන ස්ථානයක් ඇතුළත් වේ.
2016 සියැට් ධාවක කණ්ඩායම සඳහා උපුවන් සේරසිංහ, ජනක ඩයස්, පසිඳු පීරිස්, ලලින් කිරින්ද, ප්‍රසන්න ද අල්විස්, ලෙෆ්ටිනන්ට් කර්නල් දුමින්ද ජයසිංහ, ලෙෆ්ටිනන්ට් කර්නල් ඉන්දු සමරකෝන් සහ උෂාන් පෙරේරා මෙන්ම අළුත් සාමාජිකයින් ලෙස මලීක කුරුවිටආරච්චි, ගයන්ත රංගන, ඉවෝන් බී. ගුරුසිංහ සහ දේශාන් සෝලන්කි යන ක්‍රීඩකයින් ඇතුළත් කර තිබේ.
2016 සියැට්-ස්ලාඩා ශූරතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ඔටෝ- ස්පෝර්ට්ස් ඩ්‍රයිවර්ස් ඇසෝසියේෂන් (SLADA) විසින් සංවිධානය කරන ධාවන තරඟ පහකදී මෙම කණ්ඩායම සියැට් වර්ණ යටතේ තරඟ වැදීමට නියමිතය. මෙම ධාවන තරඟ පහ අතරට පසුගියදා නිමාව දුටු කටුකුරුන්ද සර්කිට් මීට් 1 තරඟය, ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් (අප්‍රේල් 24 වනදා), සීගිරිය රැලි ක්‍රොස් (ජුනි 05 වනදා), ගනර්ස් සුපර්ක්‍රොස් (ජූලි 10 වනදා) සහ රොතර්හම් සර්කිට් මීට් 11 (ඔක්තෝම්බර් 23 වනදා) යන තරඟ ඇතුළත් වේ. පිට පිටම දෙවන වතාවටත් සියැට් ධාවක කණ්ඩායම 2015 වසරේදී මෝටර් රථ කණ්ඩායම් ශූරතාවය දිනාගත්තේ එම වසර තුල ජයග්‍රාහී ස්ථාන 61 ක් වාර්තා කරමින් තම කණ්ඩායමේ ශක්තිය තහවුරු කරමිනි.
(ඉහළ) සියැට් ධාවක කණ්ඩායමේ රොතර්හැම් ජයග්‍රාහී ධාවක උෂාන් පෙරේරා සහ (පහළ) මෝටර් රථ කණ්ඩායම් ශූරතාවය දිනාගත් උෂාන් පෙරේරා සහ මලීක කුරුවිටආරච්චි
Video Story