රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පියවර ගැනේ

    August, 11, 2016

    රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය ඇතිව 'රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්' (Centre of Excellence in Robotic Applications - CERA) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ලෝක රොබෝ තාක්ෂණික වෙළඳපොළ 2020 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.7ක මට්ටමට‍ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව තුළ රොබෝ තාක්ෂණය සාපේක්ෂව ප්‍රාථමික මට්ටමක පැවතියද නැඟී එන ගෝලීය වෙළ‍ඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කර්මාන්තවල ඵලදායීත්වය හා තරගකාරිත්වය ඉහළ නැංවීමේදී එමඟින් සුවිශේෂ සහායක් ලබා ගත හැකි බව පෙනී ගොස් ඇත.

    රොබෝ තාක්ෂණය යොදා ගැනීම මඟින් ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණයට, ඵලදායීතාව ඉහළ නැංවීමට, ගුණාත්මකභාවය වැඩි කිරීමට සහ මිනිසුන් අතින් සිදුවන දෝෂ අඩු කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බව රජයේ අදහසයි.