ඩිජිටල් පරිවර්තනය ඉතා වැදගත් අංගයක් ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් හඳුනා ගනු ලැබ ඇති අතර, ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය හා නව තාක්ෂණයන් යොදා ගැනීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගිතාව ලබා ගැනීම දිරිමත් කර ඇත.
ඒ අනුව, තොරතුරු තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් සහ රොබෝ තාක්ෂණය වැනි ප්‍රායෝගික පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් පළපුරුදු ආයතනක් වන Skills College of Technology (SCOT CAMPUS) ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවක් අනුව, නියාමන ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කර තිබේ.
ඒ අනුව, තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව STEAM සංකල්පයට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල්වල ගුරු භවතුන් 7,500ක් අදියර තුනක් යටතේ Skills College of Technology (SCOT CAMPUS) ආයතනය මඟින් පුහුණු කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.