March, 10, 2026
ශ්‍රි ලංකාවේ සිට රෝමය බලා පිටිත් වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අසත්‍ය තොරතුරු පිළිබදව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ඒහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරමින් පදනම් විරහිත ලෙස හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය කර ඇති අතර, ඒම සියලු කරුණු සත්‍යභාවයෙන් තොර තොරතුරු බව අවධාරණය කරන බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් යුරෝපය සහ ඉන් ඔබ්බට, මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලසුම් කර තිබු හා ටිකට් පත් වෙන්කරවා ගෙන සිටි මගීන් හට, සෘජුව රෝමය බලා ගමන් කිරීමට හැකිවන පරිදි සහ යුරෝපය ආශිතව රැදී සිටින සංචාරකයින් හා ශ්‍රී ලාංකික මගීන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ එල් 1213 ගුවන් යානය ඊයේ (09) රෝමය බලා පිටත් වී ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.
තව ද ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ මැද පෙරදිග උද්ගතව ඇති තත්ත්වය හමුවේ මගීන් මුහුණ දී ඇති දුෂ්කරතා අවබෝධ කර ගෙන, රජයේ පූර්ණ මැදිහත්වීම මත මෙම ගුවන් ගමන සංවිධානය වු බව තහවුරු කරන බවයි.
මෙම ගුවන් ගමන සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා ඇති පරිදි රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සිදු කල සැලැස්මක් නොවන අතර, එහි සදහන් අමාත්‍යවරයා දින කිහිපයකට පෙර ලංකවට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
මෙවැනි අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් සහ ද්වේෂ සහගත අන්දමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලංකා රජයත්, සෘජුවම සිවිල් ගුවන් සේවා අධිකාරියත් අපකීර්තියට පත් වනු අතර මහජනතාව තුළ සිවිල් ගුවන් සේවා අධිකාරිය සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ගොඩනැගීමට විවිධ අසත්‍ය තොරතුරු පළ කරමින් මෙලෙස සිදු කරන ප්‍රකාශ තරයේ හෙලා දකින බව එම අධිකාරිය අවධාරණය කර සිටියි.
විශේෂයෙන්ම සුරක්ෂිත සහ ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් කර්මාන්තය, ජාතික ආර්ථිකයට නිබදව සවියක් වෙමින් පවත්වාගෙන යනු ලබන අතර, මෙවැනි සත්‍ය නොවන ප්‍රකාශ මගින් ගුවන් කර්මාන්තට ද බාධා ඇති විය හැකියි.
රටේ සංචාරක ව්‍යපාරයට සිවිල් ගුවන් සේවා මගින් අති මහත් ශක්තියක් ලබා දෙන බව කවුරුත් දන්නා කරුණකි. ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගනිමින්, ශ්‍රි ලංකාව තුළ ගුවන් කර්මාන්තය දියුණු කරලීම වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රිතයාත්මක වන මෙවන් අවස්ථාවක, අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින්, පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් රටට අත්කර දෙන අපකීර්තිය තරයේ හෙලා දකින බව ද එම අධිකාරිය පවසයි.
එමෙන්ම මෙවැනි අසත්‍ය තොරතුරු මත පදනම්ව සිදුකරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත පවසා සිටියි.
Video Story