December, 20, 2024
ශ්රී ලංකාවේ දැනට පවතින වාහන ආනයන සීමා මේ වන විට ක්රමිකව ලිහිල් කිරීමට රජය විසින් කටයුතු කර තිබේ.
ඒ අනුව පුද්ගලික වාහන ආනයන සීමා එළඹෙන පෙබරවාරියේ සිට ලිහිල් කිරීමට ද මේ වන විට සැලසුම් කර ඇත.
එම පසුබිම තුළ මෙරට වාහන ආනයන සමාගම් ද ආනයන සීමා ලිහිල් කළ වහාම මෙරටට ගෙන්විය හැකි වාහන පිළිබඳව සිය පාරිභෝගිකයින් දැනුවත් කරමින් සිටී.
මෝටර් රථ වෙළෙඳාමේ නිරත මෙරට ප්රමුඛතම සමාගමක් මෙන්ම Suzuki මෝටර් රථ සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා වන ඇසෝෂියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම ද මේ වන විට තමන් විසින් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබෙන වාහන සම්බන්ධයෙන් දැන්වීම් පළ කර ඇත.
මෙහිදී ඇසෝෂියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම වැඩිදුරටත් පවසන්නේ, වාහන සඳහා පෙර ඇණවුම් භාර ගැනීම පිළිබඳ දැනුවත් කිරීම රජය විසින් වාහන ආනයන සීමා ඉවත් කළ පසු සිදුකරනු ඇති බවයි.
එසේම දක්වා ඇති මිල ගණන් පවතින ආනයන බදු සහ 18% වැට් බදු මත කරන ලද දළ ගණනයන් අනුව සිදුකර ඇති බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story