ලංකාවට ඩොලර් මිලියන 20 ක් දෙන්න ලෝක ආහාර වැඩසටහන පොරොන්දු වෙයි

    January, 19, 2016

    එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන විසින් හ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ප්‍රදානයක් ලබා දීමට තීරණය කර තිබේ. 2016 හ 2017 වසර සඳහා මෙම ප්‍රදානය ලබා දීමට කටයුතු කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික අධ්‍යක්ෂ Nguyen Duc Hoang කියා සිටී.

    මීට අමතරව ස්වභාවික ආපදාවන් හේතුවෙන් සිදුවන ඕනෑම ආහාර අනාරක්ෂිතභාවයක් වෙනුවෙන් පෙනී සිටීමට ද ලෝක ආහාර සංවිධානය සූදානමින් සිටින බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

    පසුගියදා මුදල් අමත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුණගැසුණු අවස්ථාවක දී නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙම පොරොන්දුව ලබා දුනි.

    Video Story

    Stock Market

    Exchange Rates