February, 23, 2016
ආදායම වර්ධනය කර ගැනීම හා අයවැය පරතරය අඩු කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව දෙදින නිල සංචාරයක් සඳහා මෙරට පැමිණී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකො නකොආ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති ණය මුදල ලබා ගැනීම මෙහිදී වඩා ඵලදායී වනු ඇති බවත් ඒ මහතා පැවසීය.
මේ අතර ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සපයන වාර්ෂික ණය මුදල ඇමරිකානු ඩොලර් 500 සිට ඩොලර් 700 දක්වා ඉහළ නැංවීමට 2016 වසරේ පටන් තීරණය කර තිබේ.
පසුගිය වසර තුන තුළ ඩොලර් බිලියන 1.5 ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති බවත් ඉදිරි වසර තුනක කාලය තුළ තවත් ඩොලර් බිලියන 2 ක ආධාර මුදලක් ලබා දීමට කටයුතු කරන බවත් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකො නකොආ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Video Story