ලංකාවෙන් ගෙන යා හැකි ඩොලර් ප්‍රමාණය දෙගුණ කරයි

    January, 2, 2015

    විදේශගත වීමේදී අතේ රැගෙන යා හැකි මුදල් නෝට්ටුවල වටිනාකම ඩොලර් 5000 ක සිට ඩොලර් 10,000 ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

    මහ බැංකුව පවසන්නේ මෙම නව ලිහිල් කිරීම 2014 දෙසැම්බර් 31 වනදා සිට ක්‍රියාත්මක වන බවයි.

    මේ අනුව, ඩොලර් 10,000 ක් කාසි හා නෝට්ටු වලින් රැගෙන යා හැකි අතර එයට වඩා වැඩි මුදලක් සංචාරක චෙක්පත්, ට්‍රැවල් පත් (Travel card) වැනි ක්‍රම මගින් රැගෙන යා හැකිය.