ලංකාවෙන් ඩොලර් මිලියන 187 ක බැඳුම්කර නිකුතුවක්

    March, 10, 2014

    ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට (LIBOR) පදනම් අංක 400 ක් වැඩි පාවෙන පොලී අනුපාතයකට ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 187 ක් වටිනා වසර තුනකින් කල් පිරෙන බැඳුම්කර නිකුතුවක් සිදුකළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණය මිලදීගෙන තිබෙන්නේ කොළඹ පදනම් කරගත් බැංකු සහ විදේශීය මුදල් වත්කම් තබාගත හැකි ආයෝජකයින් විසිනි.

    මාර්තු 10 වනදා වනවිට ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතය (LIBOR) සියයට 0.3318 කි.