November, 16, 2015
ශ්‍රී ලංකා රජය විසින් මෙරට ආයෝජනය කිරීමට පැමිණෙන්නැයි බංග්ලාදේශ සමාගම් වෙත ආරාධනා කොට තිබේ. පසුගියදා බංග්ලාදේශයේ ඩකා නුවර Diplomatic Correspondents Association විසින් සංවිධානය කරනු ලැබූ හමුවක දී බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් යසෝජා ගුණසේකර විසින් මෙම ආරාධනය සිදුකරනු ලැබීය.
දෙරට අතර අංශ ගණනාවක් යටතේ ව්‍යාපාරික සහයෝගීතාවන් ශක්තිමත් කරලීමට මෙහිදී සාකච්ඡා කෙරී ඇති අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, කෘෂිකාර්මික, අධ්‍යාපන, සංස්කෘතික, ආරක්ෂක, සෞඛ්‍යය, මුහුදු හා නාවුක කටයුතු සහ මානව සම්පත් සංවර්ධන යනාදී කේෂත්‍ර රැසක් එහිදී අවධානයට ලක්ව ඇත.
මෙහිදී අදහස් දක්වමින් බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් යසෝජා ගුණසේකර කියා සිටියේ මේ වන විට ඩොලර් බිලියන 300 කට වැඩි ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලාංකීය සමාගම් විසින් බංග්ලාදේශය තුළ සිදුකර ඇති බවයි. බැංකු, බලශක්ති හා නිමි ඇඳුම් කර්මාන්ත ඒ අතර වන බව ඇය වැඩිදුරටත් මෙහිදී පැවසීය.
දෙරට අතර ද්විපාර්ශවික ආර්ථික සබඳතාවන් තවදුරටත් තර කර ගනිමින් දෙරටටම ප්‍රතිලාභ අත්වන ආකාරයේ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගනු ලැබීම පිළිබඳ මේ වන සාකච්ඡා කෙරෙමින් පවතින බව මහකොමසාරිස්වරිය වැඩිදුරටත් මෙහිදී කියා සිටියාය.
ඡායාරූපය - බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් යසෝජා ගුණසේකර
Video Story