February, 10, 2016
ෆින්ලන්තයේ ප්‍රමුඛ පෙළේ බැංකු හා ව්‍යාපාර නියෝජනය කරමින් 8 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත තානාපති රවුලි සුකැනන් මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණි මෙම පිරිසට The Federation of Finnish Technology Industries, FIM, Duodecim, Future Group Oy සහ PAM යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ඇතුලත් වී ඇත.
මෙම නියෝජිත පිරිස ලංකා ආයෝජන මණ්ඩලයේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙරට ව්‍යාපාර අවස්ථා පිළිබඳ අධ්‍යයනයක නිරත වී තිබේ.
මෙරට පර්යේෂණ හා සංවර්ධන අංශය කෙරෙහි ආයෝජන අවස්ථා පිළිබඳ ෆින්ලන්ත නියෝජිතයින්ගේ අවධානය මෙහිදී යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය පවසන්නේ බොහෝ විදෙස් ආයෝජන නිෂ්පාදන අංශය වෙත යොමු වන බැවින් පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය කෙරෙහි ෆින්ලන්ත නියෝජිතයින්ගේ උනන්දුව යොමු වී තිබීම වැදගත් බවයි.
Video Story