January, 20, 2016
ඩෙන්මාර්ක් ව්‍යාපාරික කණ්ඩායමක් මෙරට ආයෝජනය සඳහා සිය අවධානය යොමු කර ඇති බව, ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක් තානාපති පීටර් ටර්ක්සෝ ජෙන්සන් මහතා කියා සිටී. ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය වෙත ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වී අැති බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවූ අවස්ථාවකදීය.
මෙහිදී අදහස් දක්වමින් ඩෙන්මාර්ක් තානාපතිවරයා, ශ්‍රී ලංකාව විදේශ ආයෝජකයින්ට ලබාදෙන පහසුකම් හා අවස්ථාවන් පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බවත් ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉතා සුදුසු රටක් බවත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ඇඟලුම්, රබර් නිෂ්පාදන, තේ, සෙරමික්, කුඵබඩු, එළවඑ, පළතුරු, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික උපාංග යන ක්ෂේත්‍රයන්වල අපනයන සඳහා වැඩි අවස්ථාවක් ඩෙන්මාකයේ දී හිමිවන අතර 2014 වසරේ දී ඩෙන්මාර්කය වෙත ඩොලර් මිලියන 29.93 ක අපනයන ශ්‍රී ලංකාව විසින් සිදුකර තිබේ.
Video Story