December, 22, 2014
මේ වනවිට ලංකාව තුළ මෝටර් රථ 5000 ක් පමණ මාසයකට ලියාපදිංචි වන බවත් මේ වසරේ පමණක් මෙරට ලියාපදිංචි වූ මෝටර් රථ ප්‍රමාණය 50,000 ක් පමණ වනු ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා අප සමග මේ පිළිබඳව පැවසුවේ මෙසේයි.
“අගෝස්තු මාසයේ සිට මෝටර් රථ 5000 ක් පමණ මාසයකට ලියාපදිංචි වෙනවා. එයට පෙර එය තිබුණේ 3000 ක පමණ මට්ටමකයි.“
2015 අයවැය මගින් රජය විසින් කුඩා මෝටර් රථවල බදු සැලකිය යුතු ලෙස අඩුකිරීම මේ ආකාරයෙන් මෝටර් රථ ලියාපදිංචිය වැඩිවීමට හේතුවී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරායා පැවසුවේ මාසයකට ත්‍රි රෝද රථ 8000 ක් පමණ ලියාපදිංචි වන බවයි.
මේ අනුව, මේ වසරේදී වාහන 400,000 ක් පමණ ලියාපදිංචි වනු ඇති බවත් එය ගිය වසරේ 325,000 ක් පමණ වූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.