January, 7, 2025
චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව, එකී ගිවිසුම චීන රේගු පාලන ආයතනය සහ සිය අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.