November, 3, 2015
මෙරට තේ වෙළෙඳපොළ පිළිබඳ ප්‍රවර්ධන හමුවක් පැවැත්වීමට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ. කුවේටයේ ව්‍යාපාරිකයින් හා මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති මෙම හමුවේ දී ජාතික ආදායමෙන් 15% ක් හෙවත් ඩොලර් බිලියන 1.6 ක වටිනාකමකින් යුතු මෙරට තේ වෙළෙඳපොළ පිළිබඳ හඳුන්වාදීමට ක්‍රියා කෙරිණි.
එහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මැදපෙරදිග හා අප්‍රිකානු කලාපය භාර අධ්‍යක්ෂ - ප්‍රවර්ධන, හසිත ද අල්විස් මහතා මෙරට තේ කර්මාන්තය පිළිබඳ පුළුල් විග්‍රයක් කරනු ලැබීය. එසේම මෙම අවස්ථාවට එක් වූ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කන්දීපන් බාලා මහතා විසින් දෙරට අතර පවතින ද්විපාර්ශවීය සබඳතාවන් පිළිබඳව ද අදහස් දැක්වීය.
දත්ත වාර්තාවලට අනුව කුවේටය විසින් 2014 වසරේ දී තේ කිලෝ ග්‍රෑම් මිලියන 12.3 ක්ද, 2013 වසරේ දී මිලියන 16.1 ක්ද, ශ්‍රී ලංකාවෙන් ආනයනය කර තිබේ.
ඡායාරූපය - කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කන්දීපන් බාලා මහතා (වමේ සිට පළමුවැන්නා) සමඟින් කුවේටයේ ව්‍යාපාරිකයින් පිරිසක්