ලංකාවේ පාස්පෝට් එකට ලෝකයේ තියෙන තැන මෙන්න

    November, 5, 2024

    වාර්ෂිකව එළිදක්වනු ලබන Henley Passport Index දර්ශකයේ නවතම සංස්කරණය පසුගිය 2024 ඔක්තෝබර් මස අවසානයේ දී එළිදක්වනු ලැබීය. ලොව පුරා රටවල ගමන් බලපත්‍රවලට හිමි ශ්‍රේණිය මෙමගින් නිරූපණය වේ. පූර්ව වීසා අවශ්‍යතා නොමැතිව ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුව Henley Passport Index මඟින් ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබයි.

    ඊට අනුව මෙම දර්ශකයේ ඉහළම ස්ථානය අත්පත් කර ගැනීමට සිංගප්පූරුවේ ගමන් බලපත්‍රය සමත්ව ඇති අතර ලොව පුරා ගමනාන්ත 227 න් 195 කට වීසා රහිතව හෝ පැමිණීමේ දී විසා ලබා ගැනීමේ (visa-on-arrival) ප්‍රවේශය ඊට හිමිව ඇති බව මෙම දර්ශකයේ දැක්වේ.

    මීට පෙර මෙම ලැයිස්තුවේ අවස්ථා ගණනාවක දීම පළමු ස්ථානයේ වැජඹී ජපානය මෙවර දෙවන ස්ථානයට පත්ව ඇති අතර ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය එහි දෙවන තැන සිටින සෙසු රටවල් වේ.

    ශ්‍රී ලංකාවට මෙම ශ්‍රේණිගත කිරීම් හි ලැබී ඇත්තේ 95 වෙනි ස්ථානයයි. මෙහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයකට වීසා රහිත ප්‍රවේශය හිමි ගමනාන්ත සංඛ්‍යාව 44 කි.

    Henley Passport Index හි අවසාන ස්ථානයට හෙවත් 105 වෙනි තැනට ඇෆ්ගනිස්තාන ගමන් බලපත්‍රය පත්ව ඇති අතර ඊට පූර්ව වීසා රහිත ප්‍රවේශය හිමිව ඇත්තේ ගමනාන්ත 26කට පමණි.

    ලන්ඩන් නුවර පදනම් කරගත් ගෝලීය ගෝලීය පුරවැසිභාවය සහ නේවාසික උපදේශක සමාගමක් වන Henley & Partners විසින් මෙම දර්ශකය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබයි.

    2024 ගෝලීය ශ්‍රේණිගත කිරීමට අනුව මෙම සම්පූර්ණ ලැයිස්තුව පහතින් දැක්වේ.