ලංකාවේ පුද්ගලික රෝහල් ගොඩේ ගොඩලු

    September, 29, 2015

    වයස්ගත ජනගහනය වැඩි රටක් වන ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ රෝහල් ක්ෂේත්‍රයේ ඉහළ වර්ධනයක් තිබෙන බවත් රජයේ රෝහල්වල තිබෙන ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවත් ෆිච් රේටින්ග්ස් ආයතනය (Fitch Ratings) සඳහන් කරයි.

    ෆිච් රේටින්ග්ස් ආයතනය (Fitch Ratings) පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මේ වනවිට සියයට 09 ක් පමණ අවුරුදු 65 ක් හෝ එයට වැඩි අය බව බවත් මෙම ප්‍රමාණය 2030 වනවිට දෙගුණ වීමට නියමිත බවයි.

    මේ වනවිට, මුදල් ගෙවා සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි ප්‍රමාණය ලංකාව තුළ වර්ධනය වෙමින් තිබෙන බවද සඳහන්ය.

    මේ අනුව, ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික රෝහල් පහ සතුව පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ඇඳන් පහසුකම් වලින් සියයට 45 ක් තිබෙන බවත් තවදුරටත් මොවුන් පහසුකම් පුළුල් කිරීමට ආයෝජනය කරමින් තිබෙන බවත් සඳහන්ය.

    කෙසේවෙතත්, මෙම ක්ෂේත්‍රයට ප්‍රමාණවත් කුසලතා පිරිපුන් වෘත්තකයින් නොමැතිවීම ගැටලුවක් බව ෆිච් වැඩිදුරටත් පවසා ඇත.

    ශ්‍රී ලංකාව තුළ බෝ නොවන රෝග වර්ධනය වෙමින් තිබෙන අතර මෙය රෝහල් ක්ෂේත්‍රයේ වර්ධනයට හේතුවකි.

    Video Story

    Stock Market

    Exchange Rates