ලංකාවේ 40% කට කම්පියුටර් පුළුවන්

    July, 8, 2014

    රජය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් හෙළිකර තිබෙන්නේ 2013 වසර වනවිට මෙරට ජනගහනයෙන් සියයට 40 කට පරිගණක සාක්ෂරතාවය තිබෙන බවයි.

    මේ බව, හෙළිවන්නේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන 2014 මාධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාව (MID – YEAR FISCAL POSITION REPORT 2014) මගිනි.

    ජනතාවගෙන් සිය දෙනෙකු ගත්විට ඔවුන්ගෙන් 9.8 කට 2013 වසර අවසන් වනවිට අන්තර් ජාල ප්‍රවේශ පහසුකම් (Access to Internet) තිබෙන බවද මෙම වාර්තාවේ දැක්වේ.

    මෙරට පරිගණක සාක්ෂරතාවය නැංවීමට රජය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර 2006 වසරේදී මෙරට පරිගණක සාක්ෂරතාවය සියයට 11.4 ක් විය.