ලංකාව අවධමනයක. හොඳ තත්ත්වයක් නොවේ

    October, 1, 2015

    සාමාන්‍යයෙන් අපි මෙයට පෙර කතාකළේ ලංකාවේ පාරිභෝගික භාණ්ඩවල සාමාන්‍ය මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම හෙවත් උද්ධමනය ගැනයි.

    නමුත්, නවතම රජයේ දත්ත මගින් අනාවරණය වන්නේ මේ වනවිට ලංකාවේ තිබෙන්නේ අවධමනයක් (Deflation) බවයි.

    මේ අනුව, මේ සැප්තැම්බර් මාසයේදී මෙරට පාරිභෝගික මිල ගණන් සියයට 0.3 කින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබෙන අතර මෙලෙස අවධමනයක් පිට පිටම වාර්තා කළ තුන්වන මාසය වන්නේ මෙයයි.

    අවධමනයද ආර්ථික වශයෙන් එතරම් හොඳ තත්ත්වයක් නොවන අතර මෙමගින් විරැකියාව වැඩිවීම, ආයෝජන අඩුවීම වැනි දෑ සිදුවිය හැකිය.

    මේ නිසා, මහ බැංකු විසින් උත්සාහ ගන්නේ ඉහළ උද්ධමනය මෙන්ම ඉහළ අවධමනයද පාලනය කිරීමටයි.