ලංකාව ගැන උනන්දු බව හර්බජාන් රවීට කියයි

    December, 23, 2015

    ඉන්දීය ක්‍රිකට් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර හමුවක් ඊයේ දින පවත්වා තිබේ.

    මෙහි මූලික අරමුණ වී ඇත්තේ ක්‍රීඩකයෙකු මෙන්ම මහාපාරිමාණ ආයෝජකයෙකු ද වන හර්බජාන් සිං ගේ ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට කටයුතු යෙදීමයි.

    2016 අයවැය කතාවේ දී සෘජු විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශිකයින් දිරිගැන්වීමට යෝජනා කිහිපයක්ම අන්තර්ගත කෙරී තිබුණි.

    ශ්‍රී ලංකාවේ ආයෝජනය සම්බන්ධයෙන් තමන් උනන්දුවක් දක්වන බව මෙම හමුවේ දී හර්බජාන් සිං විසින් මුදල් අමාත්‍යවරයා වෙත පැවසූ බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.