August, 25, 2014
Toastmasters ජාත්‍යන්තර කථික තරගාවලියේ මහජනයා ඇමතීම (Public Speaking) යන කාණ්ඩය යටතේ පසුගියදා පැවති ලෝක ශූරතා තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දීමට ධනංජය හෙට්ටිආරච්චි මහතා සමත්වෙයි.
මෙම තරගාවලියේදී ලංකාව හා ඉන්දියාව එක් කාණ්ඩයක් ලෙස සලකන අතර එම කාණ්ඩය හැඳින්වෙන්නේ District 82 ලෙසිනි. මේ අනුව, ධනංජය හෙට්ටිආරච්චි මහතා තරග වැදුණේ District 82 යටතේ වන අතර මෙම ලෝක ශූරතා තරගාවලිය පසුගියදා පැවැත්වුණේ මැලේසියාවේයි.
Toastmasters ජාත්‍යන්තර කථික තරගාවලියේදී ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙවැනි ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ධනංජය සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ තමා ලැබූ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බවයි.

Video Story