ලංකා දුම්කොළ සමාගම තවදුරටත් මෙරට ගොවීන් සඳහා තිරසාර ජීවනෝපායන් උදාකර දීමට කැපවෙයි

    October, 7, 2016

    සියවසකට අධික කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ලංකා දුම්කොළ සමාගම මේ වනවිට රටේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේද කැපීපෙනෙන සමාගමක් බවට පත්වී ඇත. 1950 දශකයේ සිට වසර 70 කට ආසන්න කාලයක් සමාගම මෙරට තුළ දුම්කොළ වගා කිරීමෙහි නිරතවී තිබේ. මෙම වගා කටයුතු සහ එ් ආශි‍්‍රත ව්‍යාපාර කටයුතු නිසා පසුගිය වසර තුළ පමණක් ග‍්‍රාමීය ආර්ථිකයට එක්වූ මුදල රු. බිලියන 1.5 කි. එමෙන්ම සමාගමෙන් දුම්කොළ වගාකරුවන්ට ලැබෙන අත්වැල නිසා එය රටට හා රජයට බරක් නොවන කර්මාන්තයක් බවට පත්වී ඇත.

    දුම්කොළ යනු යල කන්නයේ වී වගාවට ජලය හිඟ වන විට ගොවීන් විසින් වගා කරනු ලබන වෙළඳ භෝගයකි. ලංකා දුම්කොළ සමාගම සිය නිෂ්පාදන සඳහා 100% ක්ම දේශීයව වගා කළ දුම්කොළ භාවිතා කරන නිසා රු. බිලියන 2 ක පමණ මුදලක් විදේශයන්ට ඇදී යාම වළකී. මෙරට 20,000 කට අධික ගොවීන් සංඛ්‍යාවක් ලංකා දුම්කොළ සමාගමට දුම්කොළ සපයන අතර ඔවුන් භාවිතා කරනුයේ රටේ වගාකළ හැකි බිම්වලින් 0.1% ක් තරම් සුළු ප‍්‍රතිශතයක් පමණි. ඵලදායීතාව සහ අස්වැන්න වැඩිකර ගැනීම සම්බන්ධයෙන් සමාගම නිරන්තරයෙන් ගොවීන්ට මගපෙන්වීම් ලබාදෙන නිසා මෙම තත්ත්වය ළඟා කරගැනීමට හැකියාව ලැබී තිබේ.

    ”ගොවි මහත්ම මහත්මීන්ට රු. මිලියන 140 ක් වටිනා, වගාවට අවශ්‍ය සම්පත්, ණය පහසුකම් මත සැපයීමට හැකිවීම අපට සතුටක්. ඒ වගේම වසරක් පාසා ඔවුන්ට ජීවනෝපාය මාර්ග රැුසක් උදාකර දීමටත් අප කටයුතු කරන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ නිසා මෙම ක්ෂේත‍්‍රය තුළ අපගේ මෙහෙයුම් කටයුතු මගින් රටේ ගොවි ප‍්‍රජාවන්ගේ සමාජ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලැබී ඇති බව මා දැඩි සේ විශ්වාස කරනවා.” ලංකා දුම්කොළ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ මයිකල් කෝස්ට් මහතා පැවසී ය.

    පෙර ගිවිසුම් ක‍්‍රමයක් හරහා ගොවීන්ගේ දුම්කොළ අස්වනු කලින් එකඟ වූ තරගකාරී මිලකට ලබාගැනීම සඳහා ලංකා දුම්කොළ සමගම කටයුතු කරයි. දුම්කොළ කිලෝග‍්‍රෑම් එකකට සමාගම රු. 400 කට ආසන්න මුදලක් ගෙවනු ලබන අතර අනෙකුත් බොහෝ භෝග වගාවන්වලදී මෙන් නොව දුම්කොළ වගාවේදී ගොවීන්ට නිශ්චිත අදායමක් ලැබෙන බව සහතික වේ.

    මේ වනවිට විශිෂ්ට මට්ටමේ කෘෂිකාර්මික ක‍්‍රමවේද කිහිපයක්ම රටට හඳුන්වා දීමටද ලංකා දුම්කොළ සමාගම කටයුතු කර ඇත. මෙම ක‍්‍රමවේද ගොවීන්ගේ ජීවිත නගාසිටුවීමට මෙන්ම රටේ ආර්ථිකය වැඩිදියුණු කිරීමටද බෙහෙවින් දායක වී ඇති අතර ලංකා දුම්කොළ සමාගම රටේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට විශිෂ්ටතම පරිචයන් හඳුන්වා දීමේ පුරෝගාමියෙකු ලෙස ඇගයීමට ලක්වී තිබේ.

    ”1994 තරම් ඈත කාලයේදී ශ‍්‍රී ලංකාවට පස පෝෂක හා සංරක්ෂක වැටි ක‍්‍රමය (Sloping Agriculture Land Technology- SALT) තාක්ෂණය හඳුන්වා දුන්නේ ලංකා දුම්කොළ සමාගමයි. ඒ වගේම ඉවතලන දහයියා භාවිතයෙන් දුම්කොළ පදම් කිරීම වැනි පුරෝගාමී ක‍්‍රමවේද රැසක් හඳුන්වා දීමට ලැබීම සතුටට කරුණක්. මේ ක‍්‍රමය නිසා අපට දුම්කොළ පදම් කිරීමේදී දර භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අප දුම්කොළ වැවීම සිදුකරන්නේ තිරසාර දුම්කොළ වගාකිරීම් (Sustainable Tobacco Production - STP) ප‍්‍රමිතීන්ට අනුවයි. ඊට අමතරව අප පස සංයුතිගත කිරීමට අනුව වගා බිම්වලට විශේෂිත වන පරිදි පොහොර භාවිතා කරන අතර ඒකාබද්ධ පළිබෝධ පාලන ක‍්‍රමවේදයන් හරහා පළිබෝධ නාශක භාවිතය අවම කර තිබෙනවා.” ලංකා දුම්කොළ සමාගමේ සැපයුම් දාම කළමනාකරු රුක්ෂාන් ගුණතිලක මහතා පැවසී ය.

    මේ වනවිට සමාගමේ දායකත්වය ලැබී ඇති තවත් සුවිශේෂී වැඩසටහනක් වන්නේ ගොවි විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයයි. මේ යටතේ ජීවිතයේ සැඳෑ සමයේදී දුම්කොළ වගාවෙන් ඉවත්වන ගොවීන්ට විශ‍්‍රාම වැටුපක් හිමි වේ. මෙම ක‍්‍රමයට අමතරව ගොවීන්ට ජාත්‍යන්තර පුහුණු වැඩසටහන්වලට සහභාගී වී තම දැනුම වැඩිකරගැනීමේ අවස්ථාව සලසා දීමටත්, ගොවීන්ගේ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමටත් සමාගම පියවර ගනී.
    ඉහත සඳහන් ක‍්‍රමවලට අමතරව ශ‍්‍රී ලාංකික ගොවි පරපුරේ යහපත උදාකරලීම සඳහා සමාගම විවිධ කටයුතු රාශියක් ක‍්‍රියාවට නංවමින් සිටී. ඒ අනුව දුම්කොළ ගොවීන්ගේ සුභසාධනය යනු දිගින් දිගටම ලංකා දුම්කොළ සමාගමේ ප‍්‍රමුඛතම අවධානයක් යොමුවන අංගයක් ලෙස පවතිනු නිසැක ය.