ලංකා බැංකුව BOC Travels විකිණීමට තීරණය කරයි

    May, 21, 2024

    මෙරට විශාලතම රාජ්‍ය වානිජ බැංකුව වන ලංකා බැංකුව සිය අනුබද්ධිත සමාගමක් වන BOC Travels (පුද්) සමාගම විකිණීමට තීරණය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ලංකා බැංකුවේ මහා කළමනාකාර රසල් ෆොන්සේකා මහතා පවසන්නේ BOC Travels (පුද්) සමාගමේ ලංකා බැංකුව සතු 100% ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවයි.

    ලංකා බැංකුවේ අනුබද්ධිත සමාගමක් වන BOC Travels (පුද්) සමාගම, බැංකු පනත මගින් අර්ථ දක්වා ඇති මූලික බැංකු කටයුතුවලින් ස්වාධීනව ක්‍රියාත්මක වන්නකි.