ලංකා බැංකු නිකුතුව ගොඩ

    September, 17, 2014

    ලංකා බැංකුව විසින් සිදුකළ ණයකර නිකුතුව සඳහා රුපියල් බිලියන 08 කට වැඩි අධි ඉල්ලුමක් ඇතිවී නිකුතුව ඊයේ (16) සවස 4.30 ට අවසන් කළබව බැංකුව කියයි.

    ලංකා බැංකුව ණයකර නිකුතුවක් මගින් මුල් අදියරේදී රුපියල් බිලියන 04 ක මුදලක් රැස්කිරීමට කටයුතු කළ අතර එම නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වුවහොත් ණයකර නිකුතුවේ දෙවන අදියරද සිදුකරමින් තවත් රුපියල් බිලියන 04 ක් රැස්කර ගන්නා බව සඳහන් කර තිබුණි.

    මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අනුමැතිය ලබාදී ඇත. නිකුතුව යටතේ එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 40 ක් මුල් අදියරේද ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් එකක් රුපියල් 100 ක් වන තවත් ණයකර මිලියන 40 ක් දෙවන අදියරේද නිකුත් කරන බව බැංකුව සඳහන් කළේය.