September, 15, 2025
සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා වාණිජ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සිය පළමු නිල රැස්වීම පසුගිය සැප්තැම්බර් 11 දින පවත්වනු ලැබිය. මෙම රැස්වීමේදී ඉදිරි 2026 ජාතික අයවැය සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රමුඛතා යෝජනා ඉදිරිපත් කිරීම සහ පසුගිය වසරේ ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත්කරන ලද අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීම ද අරමුණු විය.
ආර්ථික වර්ධනය සහ තරඟකාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් නිශ්චිත ප්‍රතිසංස්කරණ සමඟින්, මෙවර අයවැය සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ යෝජනා පුළුල් තේමාවන් පහක් වටා ව්‍යුහගත කර ඇත:
ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත්කරන ලද, 2025 ජාතික අයවැයට යෝජනා 17 ක් එවර ජාතික අයවැය තුල අන්තර්ගතව තිබු අතර එම යෝජනාවන් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ද ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉස්මතු කරන ලද අතර, ඉන් යෝජනා 14 ක් දැනටමත් අර්ධ හෝ ඉහල ප්‍රගතියක් පෙන්නුම් කර ඇත.
ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට, ආයෝජක විශ්වාසය ගොඩනැගීමට සහ ශ්‍රී ලංකාව තරඟකාරී සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ලෙස ස්ථානගත කිරීමට රජය සහ ව්‍යාපාර අතර තිරසාර සහයෝගීතාවයේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නායකත්වය අතර අදහස් හුවමාරු කරගනු ලැබිණි. පුළුල් රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, ප්‍රසම්පාදනය නවීකරණය කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය සඳහා වැඩි අවස්ථා සහතික කිරීම ඇතුළු රජයේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර ජනාධිපතිවරයා අවධාරණය කළේය. බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ කෘෂිකර්මාන්තය වැනි ප්‍රධාන අංශවල රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාවයන් ඉදිරියට ගෙන යාමෙන් ආර්ථික වර්ධනය සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජයේ කැපවීම ජනාධිපතිවරයා අවධාරණය කළේය. ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා පුර්ව අනුමතකිරීම් සහිතව ආයෝජන ක්‍රියාවලීන් විධිමත් කිරීමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කළේය.
ආර්ථික වර්ධනයේදී මෙන්ම සංවර්ධනයේදී ද පෞද්ගලික අංශයේ කාර්යභාරය ශක්තිමත් කරන ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සහයෝගීත්වයෙන් කටයුතු කිරීමට කැපවන බව ලංකා වාණිජ මණ්ඩලය තවදුරටත් තහවුරු කළේය.

Video Story