July, 18, 2018
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2017 කාර්ය සාධන වාර්තාවට අනුව සීමාසහති ලංකා සතොස, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සමාගම සහ ජනතා වතු සංවර්ධණ මණ්ඩලය යන රාජ්‍ය ව්‍යවසායන් 2012 සිට 2016 දක්වා කාලපරිච්ඡේදයට අදාළ වාර්ෂික වාර්තා භාර දී නොමැති බව හෙළි වී තිබේ.
රජය සතු ව්‍යාපාර 400 ක් අතුරෙන්, 264 ක් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරනු ලබන අතර රාජ්‍ය ව්‍යාපාර 136 ක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කෙරේ.
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර අතුරෙන් ආර්ථිකයේ තීරණාත්මක අංශ නියෝජනය කරන රාජ්‍ය ව්‍යාපාර 55 ක් ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන රාජ්‍ය වාණිජ ව්‍යාපාර වශයෙන් හඳුනාගෙන ඇත.
2017 වර්ෂයේ දී රජය සතු වාණිජ ව්‍යාපාර 55 විසින් වාර්තා කරන ලද මුළු ආදායම රුපියල් බිලියන 1,755.55 ක් වන අතර මෙය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 13.55 ක් වේ.
මෙම ව්‍යාපාර 55 න් ඉහත කී ආයතන තුන 2012 සිට 2016 දක්වා වසර 5 සඳහා වාර්ෂික වාර්තා භාර දී නොමැති බව සඳහන් වන අතර ලංකා බැංකුව, මහජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය හා සංස්ථා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සේවක භාරකාර අරමුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම, ශ්‍රීලංකන් එයාර්ලයින් සමාගම, සීමාසහිත හොටේල් ඩිවලොපර්ස් ලංකා සමාගම යන රාජ්‍ය ව්‍යවසායන් පමණක් පසුගිය අදාළ වසර 5 ටම අදාළ වාර්ෂික වාර්තා භාර දී තිබේ.
පහත දැක්වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව වෙත වාර්ෂික වාර්තා භාර දීම් සම්බන්ධයෙන් එම වාර්තාවෙහි සඳහන් සටහනකි.

Video Story