September, 20, 2017
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ලංකා සිමෙන්ට් පීඑල්සී හි කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.
ඊයේ (19) දිනයේ දී ලංකා සිමෙන්ති කොටසක මිල රු. 4.40 සිට රු. 5.10 දක්වා 16% කින් ඉහළ ගිය අතර අද (20) දිනය තුළ දී රු. 5.10 සිට රු. 6.30 දක්වා 23.5% කින් කොටසක මිල ඉහළ යන ලදී.
අද දිනය තුළ දී පමණක් මිලියන 2.2 කට අධික ලංකා සිමෙන්ති කොටස් ප්‍රමාණයක් ද ගනුදෙනු වී තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ලංකා සිමෙන්ට් පීඑල්සී හි සභාපති ලලින්ද ලියනගේ කියා සිටින්නේ සමාගම සම්බන්ධයෙන් කිසිදු අනාවරණය නොකළ මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති බවයි.

Video Story