May, 10, 2016
ලංකා හොස්පිටල්ස් සමූහයට අනුබද්ධිත මෙරට ප‍්‍රථම නිර්දේශන වෛද්‍ය රසායනාගාරය වන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් වෙත පසුගියදා ISO 15189:2012 ප‍්‍රමිති සහතිකය හිමිවුණි.''වෛද්‍ය රසායනාගාරවල ගුණාත්මක බව සහ විශිෂ්ටත්වය'' වෙනුවෙන් ISO 15189:2007 ප‍්‍රමිති සහතිකය හිමිකර ගත් මෙරට ප‍්‍රථම රෝහල් රසායනාගාරය වන්නේ ද ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් ය.
වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවක් මගින් රෝග වැළඳී තිබේදැයි නිවැරදිව හඳුනාගැනීමට හැකි අතර කඩිනමින් ප‍්‍රතිකාර සිදුකිරීමට මනාව හා සරළ ලෙස සකස් වුණු, නිවැරදි වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවන් අත්‍යවශ්‍යය. ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් නිරතුරුව මෙම සුවිශේෂී සේවාවන් ලබාදීමට කැපවී සිටින වෛද්‍ය රසායනාගාරයකි.
අන්තර්ජාතිකව ඉහළ පිළිගැනීමක් හිමිවන ISO 15189:2012, ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් වෙත ලබාදීමේදී සුරක්ෂිතතාව සහතික කිරීම, සුවිශේෂී වෛද්‍ය රසායනාගාර සේවා හා ඉහළ ගුණාත්මක බවින් යුතු ක‍්‍රියාකාරීත්වය ආදී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකර තිබුණි.
ISO 15189:2012 හිමිවීම සඳහා ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් අනුගමනය කළ සුවිශේෂී පිළිවෙත් වන වෛද්‍යවරුන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමේ සිට පරීක්ෂණයන්ට අවශ්‍ය සාම්පල එකතු කිරීම දක්වා විහිදුණු පුළුල් ප‍්‍රවේශය, අදාළ සාම්පල අවශ්‍ය අංශ වලට ලබාදීම, අදාළ සාම්පල හෝ නිදර්ශක ලබාගැනීමේදී විශේෂ පරීක්ෂාවට ලක්කිරීම ඇතුළු සුවිශේෂී පිළිවෙත්, කාර්ය පටිපාටි හා මූලධර්ම අනුගමනය කිරීම ආදිය හේතුවිය.
''ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් වෙත ISO 15189:2012 ප‍්‍රමිති සහතිකය හිමිවීම අප ලැබූ ප‍්‍රමුඛතම ජයග‍්‍රහණයක් වන අතර මේ තුළින් දිවයින පුරා විසිරී සිටින වෛද්‍යවරුන්ට හා රෝගීන්ට ගුණාත්මක බවින් ඉහළ වෛද්‍ය රසායනාගාර සේවාවක් ලබාදීමට මෙන්ම සමස්ත සමාජයටම සුවිශේෂී ප‍්‍රතිලාභයක් හිමිකරදීමට අප දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු වනවා.'' ලංකා හොස්පිටල්ස් සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සඳහන් කළේය.
Video Story