ලංකා හොස්පිටල් අල්ලන්න කසානා කැසකවයි

    June, 9, 2016

    මෙරට ලැයිස්තුගත විශාලතම පුද්ගලික රෝහල වන ලංකා හොස්පිටල් හි බහුතර කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමට තමන් ද උනන්දු බව මැලේසියාවේ කසානා ආයෝජන අරමුදල ප්‍රකාශ කර සිටී. ලංකා හොස්පිටල් හි බහුතර කොටස් අයිතිය ශ්‍රී ලංකා රජය සතු සමාගමක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවේ.

    මීට පෙර අවස්ථා කිහිපයක දී මෙරට සොෆ්ට්ලොජික් සහ හේමාස් සමූහයන් ද්විත්වය ද ලංකා හොස්පිටල් මිල දී ගැනීම කෙරෙහි තම උනන්දුව පවතින බව නිවේදනය කර තිබිණි.

    මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි අංක එකේ කොටස්කරුවා වන්නේ ද කසානා අරමුදලයි. සිය පාලිත Broga Hill Investments Ltd හරහා එහි 10.4% ක කොටස් හිමිකමකට කසානා හිමිකම් කියනු ලබයි.