December, 7, 2015
මෙවර අයවැය යෝජනාවලින් ප්‍රකාශයට පත් වූ පරිදි රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලික අංශයට පැවරීමේ වැඩපිළිවෙල මෙතෙක් ක්‍රියාවට නංවා නැතත්, පෞද්ගලික අංශයේ පාර්ශව ගණනාවක් ඒ සඳහා උනන්දු වන මේ වන විට අනාවරණය වී තිබේ.
ඒ අනුව රජය සතු ලංකා හොස්පිටල් කෝපරේෂන් පීඑල්සී මිලදී ගැනීම සඳහා තමන් ද උනන්දු බව සොෆ්ට්ලොජික් සමූහයේ ආරෝග්‍යශාලා හස්තය (Hospital arm) වන ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් කියා සිටී. ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් හි සභාපති/ කළමනාකාර අධ්යක්ෂ අශෝක් පතිරගේ මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.
මීට පෙර හේමාස් සමූහය ද ලංකා හොස්පිටල් පිළිබඳ අවධානය යොමුකරන බව පසුගිය සතියේ දී ප්‍රකාශ කර සිටියේය.
ලංකා හොස්පිටල් සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 64.14% රජය සතුව පවතී. ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව 54.61% (ජීවිත රක්ෂණ අරමුදල - 29.54% ක් හා සාමාන්‍ය රක්ෂණ අරමුදල 25.07%ක් පරිදි) ක් සහ ලංකා බැංකුවේ අනුබද්ධ සමාගමක් වන ප්‍රොපර්ටි ඩිවලොපර්ස් සමාගම සතුව 9.53% ක් වශයෙනි.
Video Story