March, 6, 2015
ලයිස්තුගත ලංකා හොස්පිට්ල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කළා යැයි පසුගිය බදාදා නිවේදනය කළ සිව්දෙනාට අමතරව තවත් දෙදෙනෙකු පත්කර ඇතැයි සමාගම විසින් අද කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත.
මේ අනුව, මහාචාර්ය සෙරෝෂ මන්දික විජයරත්න මහතා ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසත් වෛද්‍ය හර්ෂ හේමාල් ගුණසේකර මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් මාර්තු 03 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.
ඔවුන් පිළිබඳව විස්තරයක් මෙන්න!


පසුගිය බදාදා ලංකා හොස්පිට්ල්ස් පැවසුවේ සමාගමේ සභාපතිවරයා සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස වෛද්‍ය සරත් පරණවිතාන මහතා පත්කර තිබෙන අතර ඩේමියන් ප්‍රනාන්දු මහතාද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇති බවයි.
මීට අමතරව, මහාචාර්ය දිලානි ලොකුහෙට්ටි මහත්මිය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබෙන අතර වෛද්‍ය රොහාන් එල්. විජේසුන්දර මහතාද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇතැයි පසුගිය බදාදා නිවේදනය කර තිබුණි.
Video Story