ලංකා IOC සමාගමේ නව සභාපති රන්ජන්

    May, 21, 2018

    ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලිමිටඩ් හි මානව සම්පත් අධ්‍යක්ෂවරයා වන රන්ජන් කුමාර් මහාපට්‍රා, වහාම බලපැවැත්වෙන පරිදි ලංකා IOC සමාගමේ සභාපතිවරයා ලෙසින් පත්කර තිබේ.

    යාන්ත්‍රික ඉංජිනේරුකරණය පිළිබඳ උපාධිධාරියෙකු වන ඔහු 1987 දී ඉන්දියන් ඔයිල් සමාගම සමඟ එක් වී ඇත.

    මේ අතර 2012-2015 වකවානුවේ චී ඉන්දියන් ඔයිල් (මුරුසි) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් ඔහු කටයුතු කරනු ලැබීය.

    නිරන්තරයෙන් නවීන තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන මහාපට්‍රා මහතා බටහිර බෙංගාල ප්‍රන්තයේ සියලු ඉන්දියන් ඔයිල් පිරවුම්හල් සඳහා, මුදල් රහිත ගනුදෙනු පහසුකම හඳුන්වාදීමට පුරෝගාමී වූවෙකි.

    ලංකා IOC හිටපු සභාපතිවරයා වූ බී.එස්. කාන්ත්, 2018 ජනවාරි 31 දින බලපැවැත්වෙන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්විය.