ලංකා IOC ස්ථාවර ගමනක

    January, 16, 2026

    මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී 2025 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව 2025 ඔක්තෝබර් - දෙසැම්බර් කාර්තුව වෙනුවෙන් සමාගම රු. බිලියන 2.15 ක බදු පසු ලාභයක් ලබා ඇති බව සඳහන් වේ. එය 2024 වසරේ අදාළ කාර්තුවේ දී ලබා තිබූ රු. බිලියන 2.12 ක ලාභය හා සැසඳීමේ දී 1.44%ක සුළු ඉහළ යාමකි.

    2025 දෙසැම්බර් 31න් අවසන් මාස 09ක කාලපරිච්ඡේදය තුළ දී මේ අනුව සමාගම වාර්තා කර ඇති බදු පසු ලාභය රු. බිලියන 7.43ක් වේ. මෙය 2024-25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තු තුන අවසානයේ දී වාර්තා කර තිබූ රු. බිලියන 8.42ක ලාභ අගය හැ සැසඳීමේ දී 11.76%ක පහළ යාමක් වේ.

    2025-26 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ ලාභය රු. බිලියන 3.77 සිට රු. බිලියන 2.32ක් දක්වා පහළ ගොස් තිබීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.