May, 28, 2014
ලංකා විදුලි බල මණ්ඩලය 2012 වනවිට රාජ්ය බැංකු වලට ගෙවිය යුතු රුපියල් බිලියන 40 ක් වන ණය ප්රමාණය 2013 වසර අවසානයේදී රුපියල් බිලියන 44 ක් දක්වා වැඩිවී තිබේ.
2013 විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුවද ඒකක 90 කට වඩා අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයින්ට සහ කර්මාන්ත වලට තවදුරටත් සහනාධාර ලබාදීමට රජය කටයුතු කර ඇත.
මේ අතර, අනාවරණය වන්නේ විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට සහ නිදහස් විදුලිය සැපයුම් කරුවන්ට ගෙවිය යුතු ණය වලින් රුපියල් බිලියන 121 ක් ගෙවා තිබෙන බවයි.
මීට අමතරව, විදුලි බල මණ්ඩලයේ ශේෂ පත්රයට සහයෝගයක් ලබාදීම සඳහා මණ්ඩලය බාහිරින් ගත් රුපියල් බිලියන 302 ක ණය ආපසු ගෙවීම් සහ පොලිය මේ වනවිටත් මහා භාණ්ඩාගාරය විසින් ගෙවමින් සිටී.