ලක්ෂ දාහක ලාභාංශ ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් මහා භාණ්ඩාගාරයට

    December, 10, 2025

    ලක්ෂ දහසක එනම් මිලියන 100ක ලංකා ත්‍රිපෝෂ සමාගම සතු මෙම වසරට අදාල ‍ලාභාංශ එහි සභාපති අමල් අත්තනායක විසන් මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතාහට පිරිනැමීම කිරීම අද (10) මුදල් අමාත්‍යංශයේදි සිදු විය.

    ඒ සදහා වෙළඳ වානිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, මුදල් අමාත්‍යංශයේ නිළධාරීන් මෙන්ම ලංකා ත්‍රිපෝෂ සමාගමේ ජේෂ්ඨ ⁣කළමණාකරැවන් වන චම්පික සල්ගාදු, නීතිඥ තනූජා අල්විස් සහ මූල්‍ය කළමනාකරු තරිදු චාමික, අලෙවි කළමණාකාරු නිශ්ශංක වළාකුළුආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගි විය.

    රජයට බදු ගෙවූ පසු ලාභය ලෙස ⁣මෙම මිලියන 100 ලංකා ත්‍රිපෝෂ සමාග විසින් මහාභාණ්ඩාගාරයට ලබා දෙනු ලැබූ අතර මේ වන විටත් එම සමාගමේ ගබඩා අනාගත ත්‍රිපෝෂ නිෂ්පාදනයන් සදහා අමුද්‍රව්‍ය වලින් පුරවමින් පවතින බව ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා විසින් පවසා සිටියි.

    ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය තුල විවිධ හේතුන් මත අඛණ්ඩව මූලික අමුද්‍රව්‍ය සපයා ගැනිමට නොහැකියාව මත අඛණ්ඩ ත්‍රිපෝෂ නිෂ්පාදනයක් හා බෙදා හැරීමක් නොකෙරුන අතර ඒ සියල්ල දැන් විසදා ඇති බවත් නව වසර තුළ අඛණ්ඩ ත්‍රිපෝෂ නිෂ්පාදනයක් පවත්වාගෙන යාමට දැනට අඩිතාලම දමා අවසන් කර ඇති බවත් ය.