ලකිත්, හේමාස් හොස්පිට්ල්ස් මුල් පුටුවට

    May, 13, 2015

    වසර හතක් පමණ ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ පසුගියදා හේමාස් හෝස්පිට්ල්ස් සමාගම සමග එක්වූ ආචාර්ය ලකිත් පීරිස් මහතා 2015 අප්‍රේල් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි හේමාස් හොස්පිට්ල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

    මේ අනුව, හේමාස් හොස්පිට්ල්ස් සමාගමට අයත් වත්තල, ගාල්ල සහ තලවතුගොඩ රෝහල් මෙන්ම දිවයින පුරා පිහිටි රසායනාගාර 32 ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින බව සඳහන්ය.

    නව රජය පත්වීමෙන් පසුව ලංකා හොස්පිට්ල්ස් හි සිදුකළ කළමනාකාරීත්ව වෙනස්කම් හමුවේ පීරිස් මහතා ඉන් ඉල්ලා අස්විය.

    ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

    Video Story

    Stock Market

    Exchange Rates