March, 11, 2016
ඉන්දියාවේ බැංගලෝර් නුවර කේන්ද්‍ර කර ගනිමින් දැනට පවත්වා ගෙන ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ පර්යේෂණ පහසුකම් අංශය ශ්‍රී ලංකාව වෙත විතැන් කරන බව වාර්තා වේ.
පසුගියදා කොළඹ පැවති Sri Lanka Investment and Business Conclave 2016 සමුළුවේ දී, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙය ශ්‍රී ලංකාව ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බවයි.
මෙරට කර්මාන්ත පුරයකින් ඉඩමක් ලබා ගැනීමට ලන්ඩන් කොටස් වෙළෙඳපොළ මේ වන විට පියවර ගෙන ඇති බවත් ආයෝජකයින් හට මෙය ඉතා හොඳ ප්‍රවෘත්තියක් බවත්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
Video Story